Emergency Position Indicating Radio Beacon, EPIRB, යනු නාවික හදිසි අවස්ථාවකදී සෙවීම් හා ගලවා ගැනීමේ සේවාවලට අනතුරු අඟවන උපකරණයකි. EPIRB, ආපදා සංඥාව කෙළින්ම චන්ද්‍රිකාවලට සම්ප්‍රේෂණය කරන අතර, මෙම සංඥාව නෞකාවේ අනන්‍යතාව, සිද්ධියේ දිනය, ආපදාවේ ස්වභාවය, හදිසි සම්බන්ධතා පුද්ගලයන් සහ ස්ථානය වැනි තොරතුරු අඩංගු සංකේතාත්මක හඳුනාගැනීමේ අංකයකින් සමන්විත වේ. සක්‍රිය කළ විට, එය 121.5 හෝ 406 MHz හි සංඥා හරහා චන්ද්‍රිකාවලට එහි ස්ථානය විකාශනය කිරීම ආරම්භ කරයි. චන්ද්‍රිකාව මගින් ලැබෙන සංඥාව බිම් මධ්‍යස්ථානවලට හා පසුව නැව් හා ගුවන් යානාවලට ප්‍රතිප්‍රේෂණය කෙරේ. EPIRB, පැය 48ක් සංඥා යැවීමෙන් එහි ස්ථානය නිවැරදිව වාර්තා කළ හැක.
EPIRB ජල ප්‍රතිරෝධක ව්‍යුහයක් ඇත. පහසුවෙන් හඳුනාගැනීම සඳහා තැඹිලි හා කහ වැනි පහසුවෙන් දැකිය හැකි වර්ණවලින් නිෂ්පාදනය කෙරේ. හදිසි අවස්ථාවලදී, පරිශීලකයාට එය හස්තීයව සක්‍රිය කළ හැකි අතර, එය ජලයට වැටෙන විට ස්වයංක්‍රීයවද සක්‍රිය විය හැක.
EPIRB ස්ථාපනය
EPIRB, හදිසි අවස්ථාවකදී පහසුවෙන් ප්‍රවේශ විය හැකි හා දැකිය හැකි ආකාරයට නෞකාවේ තැබිය යුතුය. flare, ටෝච් හෝ ෆ්ලෑෂ් ලයිට් සහ වෙනත් ආරක්ෂක උපකරණ සමඟ එය හදිසි බෑගයක ද ගබඩා කළ හැක. හදිසි බෑගයක ගබඩා කිරීම, දරුණු තත්ත්වයන් නිසා ඇතිවිය හැකි හානි වැළැක්වීමට උපකාරී වන අතර, උපකරණය සඳහා වියළි පරිසරයක් සපයයි.
SOLAS ආවරණය කරන නෞකාවල (GRT 300ක් හා ඊට වැඩි සියලුම භාණ්ඩ නෞකා සහ මගී නෞකා), EPIRB උපකරණය ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වීම අවශ්‍ය වේ. නෞකාවට life raft එකක් ඇත්නම්, අමතර EPIRB එකක් තිබීම නිර්දේශ කෙරේ. life raft තුළ ඇති උපකරණය, තෙත් වීමකදී අහම්බෙන් සක්‍රියවීම වැළැක්වීම සඳහා හස්තීයව සක්‍රිය කරන ආකෘතියක් විය යුතුය.
EPIRB ක්‍රියා කරන්නේ කෙසේද?
EPIRB, sea switch එක අක්‍රිය කර ඇති ප්ලාස්ටික් කවචයක් තුළ අඩංගු වේ. ප්ලාස්ටික් කවචයට, නෞකාව ගිලෙන්නේ නම් කවච ආවරණය ස්වයංක්‍රීයව තල්ලු කර උපකරණය මුදාහරින spring-loaded පද්ධතියක් ඇතුළත් වේ. මෙම ක්‍රියාවලිය, HRU (Hydrostatic Release Unit) නම් උපකරණයක් මගින් පාලනය කෙරෙන අතර, එය මීටර් 4-5ක පමණ ගැඹුරකට ළඟාවන විට EPIRB ස්වයංක්‍රීයව මුදාහරියි. EPIRB මුදාහරින විට, එය ජල මතුපිටට නැඟ විකාශනය ආරම්භ කරයි.
EPIRB වර්ග හා මුහුදු ප්‍රදේශ
- COSPAS-SARSAT: 406.025 MHz සහ 121.5 MHz band වල ක්‍රියාත්මක වන පද්ධතිය, සියලුම මුහුදු ප්‍රදේශ සඳහා වලංගු වේ.
- INMARSAT E: 1.6 GHz band එකේ ක්‍රියාත්මක වේ. මේවා A1, A2 සහ A3 මුහුදු ප්‍රදේශ සඳහා වලංගු වේ.
- VHF CH 70: 156.525 MHz band එකේ ක්‍රියාත්මක වේ. A1 මුහුදු ප්‍රදේශය සඳහා පමණක් වලංගු වේ.
කර්තෘ: [email protected]